Thursday, August 14, 2014

පැහැර ගැනීමක්







"හොඳටම විශ්වාසද?"දිනාල් රෝහණගෙන් නැවතත් විමසුවේය.
"ඔව්  ඔව්  දිනාල් මගේ මේ ඇස් දෙක පල්ලා. මම එහෙම් දෙයක් දැක්කාමයි.ඒක පැහැර ගැනීමක්.!" රෝහණ දිනාල්ගෙ හිස මත අත තබ තමා දිව්රීමට වුවත් සූදානම් බවක් හඟවමින් කීවේය. මෙයින් සියල්ලෝම යලිත් වෙව්ලා ගියහ.
"දැන් අපි මොකද කරන්නේ?" දුලානි  සැලෙමින් ඇසුවා ය.
රෝහණගේ දෑස් ඉදිරි පිටදීම පාසල් සිසුවෙකු පැහැරගෙන ඇත.මෙහිදී රෝහණ වාහනයේ අංක තහඩුව මතක තබා ගෙන ඇත.
"දැන් කරන්න තියෙන හොඳම දේ තමයි.ළඟ පාතකින් යන මාමා කෙනෙකුට මේ බව දන්වන එක..."මෙතෙක් සියල්ල නිහඬවම අසා සිටි සුජීවා කීවාය.
"ඔව් හැබැයි තවත් එකක් "රෝහණ හිටිවනම කීවේ ය.
"මොකක්ද?" දුලානිත් දිනාලුත් එක්වරම ඇසුවෝ ය.
"අපිව විශ්වාස කරයිද?"
"ආහ් ඔවුමයි!"කී සුජීව තොල් විකාගෙන කල්පනා කරන්නට වූවාය.
"හැබැයි අක්කා කිවුවොත්නං අහයි නේද?"දිනාල් ඇසුවේය.
"ඔව් ඔව් අක්කා ලොකු එක්කෙනෙක් නේ." දුලානිත් එය අනුමත කළා ය.
සුජීවා අවිශ්වාසයෙන් මෙන් පිරිස දෙස බැලුවාය.
"එහෙනෙං  ඔයත් එන්න. ඔයානේ සිද්දිය දැක්කේ..." ඇය කීවා ය.
"හා.."රෝහණ කීවේ ඈසෙන නෑසෙන් ස්වරයකිනි.
"බිය නොවන්න මිත්‍රයා."දිනාල් කොහෙන්දෝ මවාගත් සිනාවකින් කීවේ ය.එහෙත් හදිසියේම  තම සොහොයුරියගෙ අත අල්ලා ගත්තේය.රෝහණගේ අත ස්පර්ෂ වෙත්ම සුජීවා තිගැස්සුනී මවිතයෙන් සිය සොහොයුරා දෙස බැලුවාය.
"දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ.මල්ලිව මළ මිනියක් වගේ සීතල වෙලානේ." සිය සොහොයුරා දෙස බළමින් ඇය කීවාය.
"ඇයි ඇයි?"දිනාල් විමසුවේය.රෝහණ සියුමැලිව වෙව්ළමින් සිය අත දිගු කළේය.
"අර ති...තියෙන්නෙ ඒ ඒ වෑ  ..වෑන් එක ත...තමයි" ඔහු කලබලයෙන් ගොත ගසමින් කීවේ ය.
"එහෙනන් ඉක්මන් කරමු.නැත්තං ඒ ගොල්ලෝ පැනලා යාවී."දිනාල් ඉක්මනින් කීවේය.
එ අනූව සුජීවා වහ වහා අසල සිටී.අයෙක් වෙත දුවගියේය.
"සමාවෙන්න..මට ෆෝන් කෝල් එකක් ගන්න පුලුවන්ද?" එහෙත් පුද්ගලයා නම් සුජීවාගෙ කේෂාන්තයේ සිට පාදාන්තය දක්වා උඩටත්  යටටත් බලමින් සිටියේය. මෙයින් සුජීවා අපහසුවට පත් වුවාය.
"මේකයි ප්‍රශ්නේ මගේ මල්ලී දැකල තියෙනවා  පැහැර ගැනීමක්..ඉතින්.."එහෙත් පුද්ගලයා එයට බාධා කලේය.
"මටනං මල්ලියෙක් පේන්නේ නැ" හෙතෙම කීවේය.
"ඕහ් ! මෙයා මාව විහිලුවකට ගන්න වගේ." ඇය කෝපයෙන් සිතුවාය.
"අර ඉන්නේ නිල්පාට බෑග් එක දාගෙන."සුජීව නොරිස්සුමෙන් කීවාය.
"හොඳයි මං ළඟ ෆෝන් එකක් නෑ."
"ඌහ් මට එන තරහ..මේක කලින්ම කියන්න තිබුනනේ..."ඇය දත්මිටි කමින් වෙනතක ගියාය.
"අක්කගේ වැඩේ හරි ගිහින් නෑ වගේ..."දුවයන සුජීවා දෙස බලමින් දුලානි කීවාය.
"වාහනේ ස්ටාර්ට් කළා."රෝහණ කලබලයෙන් කීවේ ය.
"දැන් ඉතින් ඉවරයි."දුලානි පවසත්ම දිනාල් එයට බාධා කලේ ය.
"මං මොකක් හරි කරන්නං"
"එපා......! අයියේ ඔයාට පිස්සුද?"දුලානි තම සොහොයුරාගේ අතින් තදින් අල්ලා ගත්තාය.
"මේ දිනාල් ඔයාට කරදරයක්  වුනොත් එහෙම"රෝහණත් මැදිහත් වූයේ ය.
"අර බලන්න අර ඇන්ටි කෝල් එකක් ගත්තා.දැන් හරි...තව ටිකකින් පොලීසිය ඒවි."දිනාල් කීවේය.දෙදෙනාම හැරී බැලුවෝ ය.ඇසිල්ලකින් අත්හරවාගත් දිනාල් දුවගියේය!
"අයියේ!"දුලානි කෙඳිරි ගෑවාය.
"ඔච්චර ඉක්මනට පොලීසිය ඒවිද?"ඇය නොරිස්සුමෙන් යුතුව විමසුවාය.
එකෙනෙහිම සුජීවා ජයග්‍රාහීව එතෙනට පැමිණියා ය.
"වැඩේ හරී....කෝල් එකක් ගත්තා."ඇය කියමින් සිටියා ය.
"වැඩක් නෑ"රෝහණ හිස දෙපසට වනමින් කීයේ ය. කිසිවක් නෙදැන සිටි සුජීවා  ඔබමොබ බැලුවා ය.
"අයියා ගියා ස්ටාර්ට් කරපු වාහනේ නවත්තගන්න"දුලානි වෙව්ලන ස්වරයකින් කීවාය.
"දෙවියනේ ඒ මොන මෝඩයෙක්ද?"සුජීවා හිසේ අත  ගසා ගත්තාය.
                                 
                                    **************************

"මේ........ අර කොලුවා අපේ වැඩේ කන්න වගේ හදන්නේ." වෑන් රිය අසල සිටී එක් මිනිසෙක් කීවේ ය.එවිටම දිනාල් ඔහු දෙස බලා අහිංසක සිනහාවක් පෑවේය.
"ආ එහෙමද? මං  කියන්නද වැඩක්. අපි ගිහින් ෂේප් එකේ මිනිහව ටිකක් ඈතට එක්කන් යමු." එය අසා සිටි අනෙකා උපදෙසක් දුන්නේය.ඒ අනූව මිනිසුන් දෙදෙනාම දිනාල් දෙසට පිය මැන්නෝය.
"හරියට හරි අන්න මිනිස්සු දෙන්නෙක් දිනාල්ට ළං වෙනවා."දිනාල් දෙස ඇස ගසාගෙන සිටී රෝහණ බියෙන් කීවේය.
"යං"සුජීවා හිටිවනම කීවාය.
"මොකක්?!"අනෙත් දෙදෙනා වෙව්ලමින් ඇසුවෝය.
"මම  කිවුවේ දිනාල් ළඟට යමු කියලා.අපි හතර දෙනෙක් එක්ක මිනිස්සු දෙන්නෙක්ට හැප්පෙන්න බෑනේ......."
"ඒ එළියෙ එන්න කෙනානේ. ඇතුලේ  කීදෙනෙක්   ඉන්න ........" එහෙත්  රෝහණට ඉතුරු කොටස කීමටවත් ඉඩ නොතාබාම සුජීවා දෙදෙනාගේම අත්වලින් අල්ලා ගෙන පාර මාරු වූවාය.
"ආ.... දිනාල් මල්ලී..." සිනාවකින් මුව සරසාගත් සුජීවා ඇමතුවාය.   එහෙත් අනෙත් දෙදෙනානම් ඈතට වී සිටීම නුවණට හුරුයැයි  සිතූහ.
"ඒපාරනං අපේ සීන් එක ඉවරයි වගේ. දැන්  එකෙක්  වෙනුවට හතර දෙනෙක්ම" පළමු මිනිසා කීවේය.
"ඒකනේ මෙච්චර හොඳට වැඩේ කරගෙන අන්තිම මොහොතේ කෙල කරගන්න ඕනෙ නෑනේ..." අනෙකාද එය අනුමත කලේය.
"ඔන්න දැන් ඉවරයි .....ඔය දෙන්නෙක්ම එන්නේ... දැන් ඉතින් අපේ අක්කයි දිනාලුයි  මොනවා කරගනීද දන්නේනෑ.පඬියෝ වගේ පැනගෙන ගියාට." සුජීවාට මඳක් පිටුපසින් සිටී රෝහණ දුලානිට කෙඳිරුවේය.
"ඒක තමයි.... කොච්චර අනතුරු දායක වැඩක්ද?   පොලීසියටත් දැන්නුවා; වාහනේ නොම්බරේත් දුන්නා."දුලානිත් පහත් හඬින් නොපහන්ව පවසන්නට වූවාය.
"හ්ම්....හිතන්න. පැහැරගන්න හොරු මුලක්.අහුවුනොත්  කපෝතීයි! " රෝහණ අසතුටෙන්  කීවේය.
මේ අතරතුර සුජීවාත් දිනාලුත් මහත් අක්කරතැබ්බයකට මුහුණ පා සිටියෝ ය.
"ඔන්න මල්ලියේ දෙන්නෙක්ම එනවා."
"ඒකතමයි දෙන්නාගෙම මැර පාට් එකක් තියෙන්නේ.කලු ඇඳලා ඉන්නේ;කැපුත් අනිත් පැත්තට දාගෙන.රෝහණ හරි."දිනාලුත් පෙරළා  කෙඳිරුවේ ය.
"දැන් ඉතින් ප්‍රශ්න වැලක්ම අහවි..." සුජීවාගේ කටේ කෙල සිඳිනී.
දිනාල්ටනම් තම කුස තුල සමනලුන් පියඹනවා වැනි හැඟීමක් දැනිණි.
"ඉතින් මේ ළමයි මොකක්ද මෙතන කරන්නේ.......?"එක් අයෙක් විමසුවේය.
සාමාන්‍යයෙන් හොරුන් මන්කොල්ලකරුවන් කතාබහ කරනුයේ ප්‍රිය වචනයෙන් නොවේ.මෙනිසා දිනාල් මඳක් නොසන්සුන් වුයේය.
"මේකත් උප්පරවැට්ටියක්ම තමයි."හෙතෙම සිතුවේය.
"ආ.... මේ අපි බස් එක එනෙකල් බලන් ඉන්නවා."සුජීවා වහා කීවාය.
"ඉතින් මෙතනෙ නෙමේයිනේ බස් හෝල්ට් එක තියෙන්නේ?"
සුජීවාට ලොකු කෙළ  ගුලියක් සිඳිනි.සුජීවා අහිංසක සිනාවක් පෑවාය.
"ඒ ඉතින් බස් එක නවත්තන්නේ ටිකක් දුරින්නේ...."දිනාල් මැදිහත් වී කීවේය.
"ඒත් ළමයිගේ හැසිරීම අපේ වැ......."
"වහාම අත් උස්සලා යටත් වෙනවා......." යන ආගන්තුක කටහඬින් ඔහුට බධා පැමිනුණි. කෙඳිරිල්ලක් පිට කළ දෙදෙනාම ආපසු හැරී බැලුවෝය.
"අයියෝ! මේ පොඩි එවුන්!!!"එකෙක් කීවේය.
කලබලය දුටූ වෑන් රියේ කිහිප දෙනෙක් පිටතට පැමිණියෝ ය.
"රාළහාමි ! අපේ අතේ වැරැද්දක් නෑ.මට ඒක ගැන කරුණු පහදලා දෙන්න පුලුවනි."තවත් අයෙක් කීවේය.
"පොලීසියෙන් අල්ලගත්තාම හැමෝම කියන්නෙ ඔය කතාවම තමයි.පැහැදිලි කිරීම් පස්සේ" කියමින් එක් නිළධාරියෙක් එක් අයෙකුට මාන්චු කුට්ටමක් දැම්මේය.
මෙහිදී ඉතා අරුම පුදුම සහගත සිදුවීමක් විය.එනම් විවිධ කැමරා හා තවත් දෑ  ඔසවා ගත් පුද්ගලයින් තිදෙනෙක් අවට ගස් කොළන් අතරින් පිටතට පැමිණීමයි.ළමෝ විපිළිසරව බලා සිටින්නට වූහ.

"සර්ලා අපේ ෂූටිං එක කඩාකප්පල් කළ බව මට කණගාටුවෙන් කියන්න  වෙනවා." එක් අයෙක් කීවේ ය.!!!!!