Monday, May 7, 2012


  සුභ වෙසක් තෙමඟුලක් වේවා! 
happy vesak day !!  
             

Thursday, May 3, 2012

මගේ මල්ලිගෙ පුංචි බ්ලොග් එක


මටත්  Blog   එකක් තියෙනවනේ.ඉතින් මල්ලිටත් ඕන වුනා. Blog   එකක්. දැන් මල්ලිටත් තියෙනවා  Blog           එකක්.ඒකෙ මල්ලි විහිලු කථා ලියල තියෙනවා. මල්ලි මටත් වඩා ලොකු වැඩකාරයෙක්නෙ.  ඉතින් මං පොඩි ඉල්ලීමක් කරනවා, මගේ පොඩි මල්ලියාගෙ  වැඩ බලන්න කියලා. මෙන්න එහෙනං ඒකෙන් අංශුවක්,
"මෝඩ ළමයිගෙ මෝඩ වැඩ"
ඔයාලා ඒක දිහා බලලා හිනාවෙනවං මට ඒක ලොකු උදව්වක්. හැබැයි ඒකේ තියෙන්නේ මගේ මල්ලිගෙ මෝඩ වැඩ නෙමේ හොඳේ.
මෙන්න මල්ලිගෙ බ්ලොග් එකට යන පාර,/http://adithya-sean.blogspot.com/

Thursday, April 19, 2012

රන් නිධානය 8 වෙනි කොටස


"අප්පෝ මේක අස්සේ නං තවත් ඉන්න තැම්බෙන්න බෑ. පෝරණුව වාගේ. බහිමු එළියට."නීතා කාරයේ දොර ඇරියා ය.
"ඉක්මනට බහින්න නීතා. මාව තැම්බෙනවා." ජේන් කෑගැසුවා ය.
"යමු ඉක්මනට අයියලව හොයාගෙන" නීතා දාඩිය පිසදා ගනිමින් දිව්වා ය.
                             ....................
"බෑ සමන්  ඔයා හරි අසධාරණයි." නිපුන කීවේ ය.
"ඉවරයි. සෙල්ලම ඉවරයි. ඉශාර තමයි බූරුවා." නිසල් කෑගසුවේ තම අත වු කාඩ් බිමට දමා ගසමිනි.
"බෑ... තාම සෙල්ලම ඉවරත් නෑ. හරිම අසධාරණයි." ඉශාර කීවේ ය.
"ඔව් හරිම අසධරණයි."
නිසල් වහා හැරී බැලුවේ ය.දොරකඩ සිනහසෙමින් බලා සිටියෙ නීතා ය.
"අපිවත් ගන්න." ජේන් කීවා ය.
"බෑ ...ගෑනු ළමයි බූරුවා ගාහන් නෑ...හූ." නිසල් කීවේ ය.
"ළමයි කන්න එන්න" මවගේ කටහඬ ඇසිණි.
"පුතේ, කඩේට ගිහින් එනවා ද?'' මව කෑම ගනිමින් ඇසුවා ය.
"හා මොනවද ගේන්න ඕන?" නිසල් ඇසුවේ ය.
"කාලා මං ගාවට එන්නකෝ. මම ලැයිස්තුව දෙන්නංකො" මව කීවා ය.
"අපෝ ගොඩක් තියෙනවද?" නිසල්  ඇසුවේ ය.
"ඔව් ඇයි?අවුරුද්දට කැවිලි හදන්න එපා යැ" මව කීවාය.
"ආනේ.. මේ ඇප්‍රේල් මාසේ නේද?" නීතා ඇසුවා ය.
"ඔව්මයි. මාථ් හරි ආසයි කැවිලි හදන්න." ජේන් කීවා ය.
"ඒත්  ඔයලාට අවුරුදු නෑනේ?" සමන් ඇසුවේ ය.
"ඔව්.එයලට අප්‍රේල් මසෙ මොනවත් නෑ.ඒත් එයාට මෙහේ අවුරුද්ද සමරන්න පුලුවන්" මව කීවා ය.
"ඒ කියන්නේ ජේන්  මෙහේ ඉන්නවා කියන එකද?" නීතා  සතුටින් ඇසුවා ය.
"ඔව්. එයාට මෙහේ ඉන්න පුලුවන්."මව කීවාය.
"අපිට රතිඤ්ඤා පුපුරන්නත් පුලුවන්."සමන් කීවේ ය.එහෙත් නිසල්ගෙ මුහුණ අඳුරු වී තිබිණි.නිපුන ද නිහඬවම ආහාර ගනිමින් සිටියේ ය. ඉශාරට ද උදයේ සිදුවු දෙය මතක් විණි.
"ඇයි කට්ටියම මූණ අඳුරු වුනේ." නීතා ඇසුවා ය.
"මං හිතන්නේ එයාල අවුරුද්ද සමරන්න කැමති නැතුව ඇති." සමන් කීවේ ය.
"පියදාසලට මොන අවුරුදු ද?" සමන්ට සිතිණි.
                   

                                           රන් නිධානය 9 වෙනි කොටස බලාපොරොත්තු වෙන්න.

Friday, April 13, 2012

         

ලැබුවාවු සුභ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන්

ඉතිරේවා!



Friday, September 30, 2011

රන් නිධානය 7 කොටස

"එන්න මෙයා අපි ගිහිල්ලා මැච් එක ගහමු" ඉශාර කීවේ ය.
"ආ මට ආවා හොඳ අදහසක්. අපි  රන්ඩු නැතුව සමගියෙන් සෙල්ලමක් කරමු." නිපුන කීවේ ය.
"නංගි.....නංගි නීතා නංගී... ඔය ජේන් එක්ක එන්න" සමන් හඬගෑවේ ය. නීතා ජනේලයෙන් එලියට එඹුනාය. ජේන් ද ජනේලයන් පිටත බැලුවා ය.
"ඇයි?" නීතා ඇසුවාය.
"අපි හැංගිමුත්තං කරමු." නිසල් කීවේ ය.
"හා.... අපි එන්නං. " නීතා කීවා ය.  නීතා එක්මනින්   එළියට දුවගියා ය.  ජේන් එක්මනින් නීතා පසුපස දුව ගියා ය.
"එක්මනට හැංගෙන්න. නිසල් හොයනවා."  සමන් දුවගෙන යමින්  කීවේ ය.  නීතා ගරාජයේ තිබෙන පියාගේ කාරයේ සැඟවුනා ය.  ජේන් ද කාරයේ සැඟවුනා ය .  සමන් හා නිපුන් ගස් දෙකකට නැගගත් අතර ඉශාර පඳුරක් යටට රිංගා ගත්තේ ය. නිසල් අන් අය සොයන්නට විය.  එවිටම පාර දෙසින් විලපයක් ඇසෙන්නට විය.  සෙල්ලමක් කරන බව අමතක වුනු සමන් ගසින් බැස්සේ ය.
"ඒ කවුද?" ගස උඩින් ඇසිනි.  සෙල්ලම අහවර බව දැනගත් ඉශාර පඳුරින්  එළියට ආවේ ය.  නමුත් කාරයේ සිටි නීතාටවත් ජේන්ටවත් කිසිවක් නොඇසුනි. නිසල් හා අන් අය ගේට්ටුව දෙසට දුව ගියෝ ය. පෙර දිනයේදී විලාප දුන් කාන්තාව දැන් නැවතත් විලාප දෙයි. ඇයගේ විලාපය මේ නිස්කලංක ගම්මානයම දෙදරවයි.
"යං යං ඇයි දන්නේ නෑනේ." නිපුන් නිසල්ව ඇදගෙන් ගියේ ය. සමන් ද දුව ආවේ ය. සමන් පාර මැද යන ගැහැනිය පසුපස දිව්වේ ය.
" නැන්දේ.....නැන්දේ ඔහොම නවතින්න." සමන් කීවේ ය.
" මොකෝ" මේවන විටත් අන් අය සමන් අසලට පැමිණ සිටියෝ ය.
"ඇයි නැන්දේ මේ?" නිපුන් ඇසුවේ ය.
"ආ... මේ අපේ පුංචි මහත්තයනේ.අනේ බලපන්කො පුතේ වෙච්ච විපත." එවිට නිසල් මේ ගැහැණියව හඳුනාගත්තේ ය. එදා පියදාසව පොලීසිය විසින්
රැගෙන ගිය ආකාරය නිසල්ට මතක් විණි.
 පියදාස යනු නිසල්ගේ ගෙදර වගා කටයුතු කරන  කෙනා ය.ඔහු නිවාඩුව සඳහා තම නිවසට ගියේ ය. ඔහු ගියවිට නැවත පැමිනේන්නේ නිසල්ට හෝ නීතාට තෑග්ගක් සමඟින් ය.  ඔහු ගෙනා පොතක් බලා තමා විභාගෙට ගිය සැටි නිසල්ට මතක්විණි.එසේනම් දැන් ඔහුට උපකාර කිරීමට නිසල්ට අවස්ථාව එලැඹ    ඇත.
                                                                 
                                                           රන් නිධානය 8 කොටස බලාපොරොත්තු වන්න.                                                                                                                                                                                                                                                                                                                

Friday, August 19, 2011

රන් නිධානය 6 කොටස

"හරි ඉතින් පොඩ්ඩක් ඉන්න" නිසල් පන්දුවක් දමමින් කීවේ ය.
"ඉන්න මම නැන්දට කියන්නං" ජේන් දුවයමින් කීවා ය.
"කියන්න එපා මම නංගිව හොයලා දෙන්නං"නිසල් ඈ පසුපසින් දුවයන ගමන් කීවේ ය. මේ අතර අනිත් තිදෙනා ඔහු පසුපසින් දුවගියේ ය.
"නංගි ඔයා කොහේදෝ? අපි ඇවිදින්න යනවා"නිසල් කීවේ ය. කිසිඳු සද්දයක් නැත.
"එයා නෑනේ... අම්මේ... මේ නංගි නෑනෙ." නිසල් නීතාගෙ කාමරයට එබිකම් කල නිසල් කීවේ ය.
"බලමු මෙයා හැංගිමුත්තන් කරනවද කියලා." කියමින් ඉෂාර ඇඳ යට බැලුවේ ය.
"ආ මේ ඉන්නෙ " ඇඳේ මිට්ටමට හේතු වි සිටි නීතා දුටු ඉෂාරට කියැවිනි. නීතා අඳේ මිට්ටමට හේත්තු වී සිටියා ය. ජනේලය දෙස බලා සිටී නීතා සුසුම් හෙළමින් කල්පනා කරමින් සිටියා ය.
"ආ... මෙන්න එක්කෙනෙක් අඬනවා." නිපුන කීවේ ය."ආහා......දැන් කට්ටියම යන්න." ජේන් කීවා ය.
"ආ... අපිට කියලා හොයාගෙන ඉවර වෙලා අපිව පන්නනවා නේද?"නිසල් කීවේ කාමරයේ දොර අවහිර කරමිනි.
"අම්මේ..."නීතා කෑගැසුවා ය.
"අපොයි අපොයි අපි යන්නං"නිසල්  කීවේ ය.
"නංගීට බය වෙනවා හූ...හූ" ඉශාර,නිසල්ට ඔච්චම් කලේ ය.
"ඔයාට මම ..."නිසල් ඔහු වෙත කඩා පැන්නේ ය.
"ඔව් දැන් තීරණාත්මක තරඟයක් පැවැත්වෙනවා."සමන් කීවේ ය.
"අනේ මේ ඔගොල්ලෝ මට වද නොදී  යන්න" නීතා කීවා ය.
"යන්වා තමයි පේන්නේ නැද්ද" නිපුන කීවේය.                                                                                                                             

                                         රන් නිධානය 7වෙනි කොටස බලාපොරොත්තු වන්න.

Tuesday, August 16, 2011

රන් නිධානය 5 කොටස

"ඒ ළමයා පොඩි නෑ. මට වඩා අවුරුද්දක් බාලයි." ජේන් කීවා ය.
"ඒ වුනාට අපේ අයියාට තාම තාත්තා නැතුව බෑ. අනික ඒ ළමයගෙ තාත්තා වැරැද්දක් කරලා නැහැ" නීතා වේගයෙන් කීව ය.
"ඔයා කොහොමද එහෙම කියන්නෙ.එයාගෙ තාත්තා සැලැස්ම හොරකම් කරන්න ඇති" ජේන් කීවා ය.නීතා ගස්සාගෙන ගියා ය.
"ගස්සන්න නං දන්නවා." ජේන් සිනාසෙමින් කීවා ය.ඇය එසේ කියන විට නීතා එතැන සිටියේ නැත.
ජේන් ,නීතා සොයමින් ගියා ය.මිදුලේ ක්‍රිකට් ගසමින්  සිටී පිරිමි ළමුන් දුටු ජේන්,
"නිසල් අයියේ ඔයා නීතාව දැක්කද?" යැයි ඇසුවා ය.
"ඕ....... හයායි" කියමින් ඉශාර උඩ පැන්නේය.
"නෑ..නෑ..මම දැක්කෙ නෑ" නිසල් කීවේ ය.
"ආ..."ජේන් දුව ගියා ය.
"ආ.... නැන්දේ නීතාව දැක්කාද?" නීතාගේ මව දුටු ජේන් ඇසුවා ය.
"නෑ.... පුතේ" පිටි අඹරමින් සිටී ඇය පැවසුවා ය. ජේන් නීතා සොයා ගියා ය. නීතාගෙ කාමරයට දුව ගිය ජේන් ඇය කමරයේ සිටී දැයි බැලුවාය. නැත. ඇය කාමරයේ සිටියේ නැත.
"ඒ ඩිංගට මෙය කොහේ අන්තරාස්දාන් වුනාද මන්දා"ජේන් තමාටම කියාගත්තා ය.
"නැන්දේ අපෙ නීතා නෑනේ"ජේන් බියපත් වී නැන්දාට කීවා ය.
"ඇයි පුතේ එය කොහේ ගිහින්ද?"මව ඇසුවා ය.
"මම තේ බොද්දි එයා මාත් එක්ක කතා කරකර හිටියා. මම තේ කෝප්පේ හෝද්ලා බලද්දී එයා නෑ" ජේන් කීවා ය.
"අයියලත් එක්ක හොයන්න බලන්න."මව කලබලයෙන් කීවා ය.
"නීතා...දුවේ නීතා"මව නීතාට කතා කලාය.
"නිසල් අයියේ නීතා නෑ.එයාව හොයන්න උදවු කරන්නකෝ"ජේන් කීවා ය.
"අයියො තව ඔවර හයක් තියෙනවා." ඉෂාර කීවේය.
"අනේ අයියේ ඔයාට ඔය ක්‍රිකට්වලට වඩා නීතාව වටිනවනේ"ජේන් කීවා ය.


                                              රන් නිධානය 6 වෙනි කොටස බලාපොරොත්තු වන්න.