මානම් නැතය පතුවේ මෙහෙම දෙයක්
මානම් නැතය තැවෙන්නේ ........
ඒත් මට නම් රිදෙයි හුඟක්
මට මේ සිදුවීම උණේ මෙහෙමයි.මට චෙස් ක්‍රීඩා කරන්න පුළුවන්.මම චෙස් තරඟ කරලා සම ප්‍රථම ස්ථාන දිනාගෙන තියෙනවා.මම තවත් තරඟාවලියකට ගිහින් තරඟ කරලා ලකුණු 6න් 4ක් ලබා ගෙන all island යන්න තේරුණා. මම දැන් මගේ වයසේ ලමයි එක්ක,මං වගේ ම දක්ෂතා ඇති ලමයි එක්ක චෙස් අඳිනවා මාතර,යාපනය,ගාල්ල,නුවර,පුත්තලම වගේ ප්‍රදේශ වලින් ළමයි ඇවිත් හිටියා.ගම්පහ තමයි තරඟ තිබුණෙ.සිකුරාදා,සෙනසුරදා,ඉරිදා දවස්වල තරඟ පැවැත්වුණා.මම ලකුණු 6න් 4ක් ගත්තා.ඉරිදා හවස මම කීවෙනියා ද කියලා බලන්න අම්මායි,මමයි හිටියා.අම්මා වෙන් ඇන්ටි කෙනෙක් එක්ක කතා කර කර හිටියා.මම දකුණු කකුල උස්සගෙන හිටියා.මට හිතුණා කකුල තියන්න ඕන කියලා.මම තිබ්බා, තිබ්බෙ වැරදි තැනක.කාණු වහන කොන්ක්‍රීට් ස්ලැබ් එකකට කකුල පලාගෙන ගියා. මට ගොඩක් රිදුණා.මම කකුල උඩට ඉස්සුවා.මට ඒක දැකලා කලන්තෙ වගේ.මම අම්මාව බදාගෙන ඇඬුවා.අම්මට මොනවා හිතුණා ද මන්දා.අර ඇන්ටි ටිකක් මහතයි.එයා මාව ඉස්සුවා.උස්සල තිබ්බ කාර එකේ මාවගම්පහ රෝහලට ගෙනිච්චා.මම අඬ අඬා හිටියේ.අම්මත් මොනවද කිව්වා මට ඒවා මතක නැ.මාව රෝද පුටුවෙන් වාට්ටුවකට ගෙනිච්චා.
තුවාලේ හිරි වට්ටන්න එන්නතයක් විද්දා.තව එන්න්තයක් විද්දා."මොනවා කරනවද මන්දා ඉඳගෙන"මට කියවුණා.අම්මා මාව බදාගෙන හිටියෙ.තුවාලෙට මැහුම් දානවා මම දැක්කෙ නෑ.මැහුම්
දාලා ඉවර උණාම මම ගෙදර ආවා.මම දැනගත්තා මම 11වෙනියා බව මට සතුටුයි.මට තුවාලෙ ගැන දුක නෑ.මගේ කකුල රිදෙනවා.මට මෙහෙම වෙච්ච පළවෙනි වතාව.
නිමි
ඉක්මනට දෝණිට සනීප වෙන්න කියලා පතනවා.. බුදු සරණයි..
ReplyDeleteහරි අගෙයි දුව ඔයා ලියල තියෙන කතාව.එක එක දවස්වලට මේ වගේ දුවගෙ හිතට තදින් වැදුණු දේවල් ලියන්න.
ReplyDeleteහරිම ලස්සනයි. දිගටම ලියන්න. ඔයාගේ කකුල ඉක්මනට හොද වේවි.
ReplyDeleteබස්සා මාමාට,
ReplyDeleteස්තූතියි.මාමාටත් කවදාවත් කරදරයක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා.
කාංචනා නැන්දට,
ReplyDeleteස්තූතියි.නැන්දට කියවන්න මම තව කතා ලියන්නං.
අගෙයි චූටි නංගියෝ... තාත්තගේ බ්ලොග් එකේ දැකලා මෙහේ ආවේ... හරිම සතුටුයි ! දිගටම ලියන්න පොඩි නංගෝ...උදව්වක් ඕනෙ වුනොත් අපිත් ඉන්නවා... ජයවේවා !
ReplyDeleteඅයියට,
ReplyDeleteබොහෝම ස්තූතීයි.
අනේ පවු !! චූටි බබෝ .ඉක්මනටම සනීපා වෙන්න කියලා මමත් ප්‍රාර්ථනා කරන්නම්
ReplyDeleteආ... සඳරු මාමේ.ස්තූතියි.
ReplyDeleteනංගි බබාට දැන් නම් සනීප වෙලත් ඇති. අද තමයි මෙහාට එන පාර හොයා ගත්තේ..
ReplyDeleteආ ඇත්තද?
ReplyDeleteමට දැන් සනීපයි අයියෙ.
ඔයාට රිදුනද?
ReplyDeleteනෑ.පොඩ්ඩක්වත් රිදුන් නෑ.
ReplyDeleteපුංචි දරුවෙක් ලියන බ්ලොග් එකක් දැක්කාමයි.හරිම අපූරුයි.කාලෙකට පස්සෙ බ්ලොග්ස් කියවන්නත් ලියන්නත් ආවේ, ඔන්න ඉතින් මම මුලින්ම කියෙව්වේ දුවගේ බ්ලොග් එක.දුවට තව හොඳට ලියන්න පුලුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා! :)
ReplyDelete