තුවාලයක්

                                 අහෝ! ඇයිද මට මෙහෙම වුනෙ.......
                                  මානම් නැතය පතුවේ මෙහෙම දෙයක්
                                   මානම් නැතය තැවෙන්නේ ........
                                     ඒත් මට නම් රිදෙයි හුඟක්
  මට මේ සිදුවීම උණේ මෙහෙමයි.මට චෙස් ක්‍රීඩා කරන්න පුළුවන්.මම චෙස් තරඟ කරලා සම ප්‍රථම ස්ථාන දිනාගෙන තියෙනවා.මම තවත් තරඟාවලියකට ගිහින් තරඟ කරලා ලකුණු 6න් 4ක් ලබා ගෙන all island යන්න තේරුණා.    මම දැන් මගේ වයසේ ලමයි එක්ක,මං වගේ ම දක්ෂතා ඇති ලමයි එක්ක චෙස් අඳිනවා   මාතර,යාපනය,ගාල්ල,නුවර,පුත්තලම වගේ ප්‍රදේශ වලින් ළමයි ඇවිත් හිටියා.ගම්පහ තමයි තරඟ තිබුණෙ.සිකුරාදා,සෙනසුරදා,ඉරිදා දවස්වල  තරඟ පැවැත්වුණා.මම ලකුණු 6න් 4ක් ගත්තා.ඉරිදා හවස මම  කීවෙනියා ද කියලා බලන්න අම්මායි,මමයි හිටියා.අම්මා වෙන් ඇන්ටි කෙනෙක් එක්ක කතා කර කර හිටියා.මම දකුණු කකුල උස්සගෙන හිටියා.මට හිතුණා කකුල තියන්න ඕන කියලා.
මම තිබ්බා, තිබ්බෙ වැරදි තැනක.කාණු වහන කොන්ක්‍රීට් ස්ලැබ් එකකට කකුල පලාගෙන ගියා. මට ගොඩක් රිදුණා.මම කකුල උඩට ඉස්සුවා.මට ඒක දැකලා කලන්තෙ වගේ.මම අම්මාව බදාගෙන ඇඬුවා.අම්මට මොනවා හිතුණා ද මන්දා.අර ඇන්ටි ටිකක් මහතයි.එයා මාව ඉස්සුවා.උස්සල තිබ්බ කාර එකේ මාවගම්පහ රෝහලට ගෙනිච්චා.මම  අඬ අඬා හිටියේ.අම්මත් මොනවද කිව්වා මට ඒවා මතක නැ.මාව රෝද පුටුවෙන් වාට්ටුවකට ගෙනිච්චා.
තුවාලේ හිරි වට්ටන්න එන්නතයක් විද්දා.තව එන්න්තයක් විද්දා."මොනවා කරනවද මන්දා ඉඳගෙන"මට කියවුණා.අම්මා මාව බදාගෙන හිටියෙ.තුවාලෙට මැහුම් දානවා මම දැක්කෙ නෑ.මැහුම්
දාලා ඉවර උණාම මම ගෙදර ආවා.මම දැනගත්තා මම 11වෙනියා බව මට   සතුටුයි.මට තුවාලෙ ගැන දුක නෑ.මගේ කකුල රිදෙනවා.මට මෙහෙම වෙච්ච පළවෙනි වතාව.
                                                                            නිමි

Comments

  1. Harima agana kawiyak.. Digatama liyanta. Bye

    ReplyDelete

Post a Comment

Popular Posts